ප්‍රාථමික පාසල් 5000ක ජාලයක් සඳහා ද්විතීයික පාසල් 1000 ක් සංවර්ධනය කිරීම
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අනාගත ශ්‍රී ලංකාවේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් ද්විතීයික පාසල් 1000 ක් සහ ප්‍රාථමික පාසල් 5000 ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා තෝරාගත් ද්විතීයික පාසල් 1000 ක් සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ඉදිකෙරේ.
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර තුලින් නිර්මාණාත්මක අධ්‍යයනයක් සඳහා සිසුන් යොමුකිරීමට අපේක්ෂිතය. තවද උසස් අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා අවස්ථාව ලබාදීම තුලින් එනම් ඉංග්‍රිසි හා විදේශ භාෂා, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය හා වෘත්තීය අධ්‍යයනය ලබාදීම තුලින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. (TOP)
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර - මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳව
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තැබීම සඳහා භූමියක් තෝරාගැනීමේ සිට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම් නිමකර උපකරණ ස්ථාන ගතකර සිසු අයිතියට පත්කිරීම හා ඉන්පසු එම උපකරණ භාවිතාව දක්වාත් උපදෙස් මාලාවක් මෙම ග්‍රන්ථය මගින් සැපයේ. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයේ භාරකාරත්වය සඳහා නිසි ගුරුවරයෙකු ,නියෝජ්‍ය හෝ උප විදුහල්පතිවරයෙකු පත්කිරීම විදුහල්පතිවරයා විසින් සිදු කළයුතු අතර මෙම ග්‍රන්ථය එම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර භාරකරුට ඉතා වැදගත් වේ.(TOP)
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේ අදියර.
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම අදියර දෙකකින් සිදුවන අතර, පළමුවන අදියර සඳහා පාසල් 410 ක ද (ආදර්ශ ඉදිකිරීම් 3 ද සමග) දෙවන අදියර සඳහා පාසල් 593 ක ද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිවේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අරමුදල් මගින් ඉදිකෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමේ කටයුතු සඳහා ආයතන කිහිපයක් දායකත්වය සපයනු ලබයි. ආයතන දක්වන දායකත්වය හා ඉදිකිරීම් ක්‍රියාවලිය වම් පස රූපය මඟින් දක්වා ඇත .
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශක සේවය,කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම විශේෂ කැබිනට් පත්‍රිකාවකට අනුව සිදුකරනු ලැබේ.ඒ යටතේ දිස්ත්‍රීක් ලේකම් ගේ අනුමැතිය සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ(NCASL) සාමාජිකත්වය සලකා බලන ලදි . මෙයට අමතරව ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන පිළිබඳ ආයතනයේ (ICTAD) ලියාපදිංචිය අවශ්‍ය වේ. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය(CECB) මෙම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම සඳහා උපදේශකත්වය ලබා දෙනු ලැබේ.
(TOP)
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීම සදහා ස්ථානයක් තෝරාගැනීම
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීම සදහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම විදුහල්පතිවරයාගේ වගකීමක් වන අතර මේ සදහා පාසල් සංවර්ධන සමිතිය, පාසල් සංවර්ධන කමිටුව, කළාප අධ්යාපනඅධ්යක්ෂ සහ ඉංජිනේරුවරුන් සමග සාකච්ඡා කර ඔවුන්ගෙන් උපදෙස් ලබාගතහැක. මෙම තෝරා ගන්නා ස්ථානය ප්‍රධාන මාර්ගයට හොදින් පෙනෙන ස්ථානයක් විය යුතු අතර ප්‍රධාන මාර්යේ සිට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක්ද විය යුතුය. එම ස්ථානයේ ගස්, පරණ ගොඩනැගිළි වැනි ඉදිකිරීමට බාධාවන ද්‍රව්‍ය තිබේ නම් එම ද්‍රව්‍ය අදාල ක්‍රමවේදයනට අනුකූලව ඉවත් කල යුතුය. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීම සදහා බාධාවන ද්‍රව්‍ය තිබේ නම් ඒ සියල්ල ඉවත් කර භූමිය පිරිසිදු කල පසු මුල්ගල තැබීම සිදුකළ යුතුය (TOP)
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල
මෙම විද්‍යාගාරය අඩි 50 ක් දිග අඩි 30ක් පළල දෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත වන අතර එක් එක් මහල කොටස් දෙකකින් සමන්විත වේ. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අභ්‍යන්තර සැලසුම අනුව ආකාර දෙකකින් සමන්විත වේ. එනම් Type 1 සහ Type 2.
|
 |
 |
තෝරාගත් ආකාරය |
මේ වන විට උසස්පෙළ විද්‍යා විද්‍යාගාරයක් නොමැති පාසල් මේ සඳහා සුදුසු වන අතර මෙම පාසල් වල ඉදිරියේදි උසස්පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කල හැක. |
මේ වන විට උසස්පෙළ විද්‍යා විද්‍යාගාරයක් සහිත පාසල් මේ සඳහා සුදුසු වන අතර මෙම පාසල් වල උසස්පෙළ විද්‍යා විෂය මේ වන විට ඉගැන්වීම සිදු කරයි |
බිම් මහල |
පළමු කොටස(වම): රසායන විද්‍යා / ජීව විද්‍යා විද්‍යාගාරය
දෙවන කොටස(දකුණ): ගණිතාගාරය / භෞතික විද්‍යා විද්‍යාගාරය |
පළමු කොටස(වම): දුරස්ථ අධ්‍යාපන ඒකකය DLL නැණස
දෙවන කොටස(දකුණ): ගණිතාගාරය |
උඩු මහල |
පළමු කොටස(වම): දුරස්ථ අධ්‍යාපන ඒකකය DLL නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකය හා භාෂාගාරය
දෙවන කොටස(දකුණ): තොරතුරු තාක්ෂණ ඒකකය |
පළමු කොටස(වම): භාෂාගාරය
දෙවන කොටස(දකුණ): තොරතුරු තාක්ෂණ ඒකකය |
(TOP)
භාණ්ඩ හා උපකරණ සාරාංශය
|
Type 1 |
Type 2 |
රසායන විද්‍යා / ජීව විද්‍යා විද්‍යාගාරය |
ගුරු පරිගණක මේසය සහ පුටුව, ස්ටීල් කබඩ් 5, ශිෂ්‍ය මේස 4, ශිෂ්‍ය ස්ටූල් 40, ලැප්ටොප් පරිගණක 1 ,
රසායන / ජීව /භෞතික විද්‍යා උපකරණ සහ රසායන ද්‍රව්‍ය |
අදාල නැත |
ගණිතාගාරය / භෞතික විද්‍යා විද්‍යාගාරය |
ශිෂ්‍ය පරිගණක මේසය සහ පුටුව, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 2, ස්ටීල් කබඩ් 1, ශිෂ්‍ය මේස 6, වීදුරු අල්මාරි 2, ෆයිල් කැබිනට් 2, ශිෂ්‍ය ස්ටූල් 36, බිත්ති කබඩ් 3,
පරිගණක 1, යූ.පි.එස්. යන්ත්‍ර 1, මුදුණ යන්ත්‍ර 1, ප්රක්ෂේපණ හරහා ලිපියක හෝ ඡායාරූපයක අන්තර්ගතය දැන ගත හැකි උපකරණ 1,
ගණිතාගාර/ භෞතික විද්‍යා උපකරණ |
අදාල නැත |
ගණිතාගාරය |
අදාල නැත |
ශිෂ්‍ය පරිගණක මේස සහ පුටු 3, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 2 , ස්ටීල් කබඩ් 1, ශිෂ්‍ය මේස 6, වීදුරු අල්මාරි 2, ෆයිලින් කැබිනට් 2, ශිෂ්‍ය ස්ටූල් 36, බිත්ති කබඩ් 3
පරිගණක 3, යූ.පි.එස්. යන්ත්‍ර 3, මුදුණ යන්ත්‍ර 1, ප්රක්ෂේපණ හරහා ලිපියක හෝ ඡායාරූපයක අන්තර්ගතය දැන ගත හැකි උපකරණ 1
ගණිත උපකරණ |
දුරස්ථ අධ්‍යාපන ඒකකය DLL (Distance Learning Lab)- නැණස |
ශිෂ්‍ය පරිගණක මේසය සහ පුටුව, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1, ශිෂ්‍ය පුටු 25, ස්ටීල් කබඩ් 1,
පරිගණක 1, යූ.පි.එස්. යන්ත්‍ර 1, මුදුණ යන්ත්‍ර 1,LED TV 01
|
ශිෂ්‍ය පරිගණක මේසය සහ පුටුව, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1, ශිෂ්‍ය පුටු 40, ස්ටීල් කබඩ් 2,
පරිගණක 1, යූ.පි.එස්. යන්ත්‍ර 1, මුද්‍රණ යන්ත්‍ර 1, ,LED TV 1
|
පරිගණක විද්‍යාගාරය |
ශිෂ්‍ය පරිගණක මේස සහ පුටු 40, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1,පරිගණක 41, යූ.පි.එස්. යන්ත්‍ර 42, සර්වර් 1, මුදුණ යන්ත්‍ර 1, ස්කෑනර් 1, බහු මාධ්‍ය ප්රක්ෂේපන යන්ත්‍ර 1 |
ශිෂ්‍ය පරිගණක මේස සහ පුටු 40, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1, ස්ටීල් කබඩ් 1, පරිගණක 40, UPS 40, සර්වර් 1, මුද්‍රණ යන්ත්‍ර 1, ස්කෑනර් 1, බහු මාධ්‍ය ප්රක්ෂේපන යන්ත්‍ර 1 |
භාෂාගාරය |
ශිෂ්‍ය පරිගණක මේස සහ පුටු 20, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1,පරිගණක 21, යූ.පි.එස්. යන්ත්‍ර 22, සර්වර් 1, මුද්‍රණ යන්ත්‍ර 1, හෙඩ් ෆෝන් 21, කැසට් යන්ත්‍ර 1,මයික්‍රෆෝන් 1, පරිගණක මෘදුකාංග 1, |
ශිෂ්‍ය පරිගණක මේස සහ පුටු 20, ගුරු පරිගණක මේසය සහ පුටුව, මැගී බෝඩ් 1,
පරිගණක 20, යූ.පි.එස්. යන්ත්‍ර 20, සර්වර් 1, මුද්‍රණ යන්ත්‍ර 1, හෙඩ් ෆෝන් 21, කැසට් යන්ත්‍ර 1,මයික්‍රෆෝන් 1, පරිගණක මෘදුකාංග 1, |
(TOP)
ගොඩනැගිල්ල අභ්‍යන්තර සැලැස්ම
මෙහි දක්වා ඇති සැලසුම් සුලු වශයෙන් වෙනස්විය හැකිබව සලකන්න
ලීබඩු සහ උපකරණ ලේඛනය
|
Items |
language laboratory |
ICT Laboratory |
Nenasa DLL |
Mathematic /
Physics Laboratory |
Chemistry / Bio Science Laboratory |
Total |
|
|
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 1 |
Type 2 |
1 |
Student computer table |
20 |
20 |
40 |
40 |
1 |
1 |
1 |
3 |
0 |
62 |
64 |
2 |
Student computer chair |
20 |
20 |
40 |
40 |
1 |
1 |
1 |
3 |
0 |
62 |
64 |
3 |
Teacher computer table |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
5 |
4 |
4 |
Teacher /lecture chair ( with arm ) |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
5 |
4 |
5 |
Magi board (6'x4' ) |
1 |
1 |
1 |
1 |
1 |
1 |
2 |
2 |
0 |
5 |
5 |
6 |
Lecture Theatre chair |
0 |
0 |
0 |
0 |
25 |
40 |
0 |
0 |
0 |
25 |
40 |
7 |
Steel cupboard |
0 |
0 |
1 |
1 |
1 |
2 |
1 |
1 |
4 |
7 |
4 |
8 |
Student table |
0 |
0 |
0 |
0 |
0 |
0 |
6 |
6 |
4 |
10 |
6 |
9 |
Glass almirah |
0 |
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
0 |
2 |
2 |
10 |
Filling cabinet |
0 |
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
0 |
2 |
2 |
11 |
Student stool |
0 |
0 |
0 |
0 |
0 |
0 |
36 |
36 |
40 |
76 |
36 |
12 |
Wall Timber Rack 1 (1250x2400 ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
0 |
1 |
1 |
13 |
Wall Timber Rack 2 ( 1250x1200 ) |
0 |
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
0 |
2 |
2 |
විද්‍යුත් භාණ්ඩ ලේඛනය
|
Equipment |
language laboratory |
ICT Laboratory |
Nenasa DLL |
Mathematic/Physics Laboratory |
Chemistry/Bio Science Lab |
Total |
|
|
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 2 |
Type 1 |
Type 1 |
Type 2 |
1 |
Computer with accessories |
21 |
20 |
41 |
41 |
1 |
1 |
1 |
2 |
0 |
64 |
64 |
2 |
Ups |
23 |
22 |
44 |
44 |
1 |
1 |
1 |
2 |
0 |
69 |
69 |
3 |
Laptop computer |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
0 |
4 |
Computer (can be used as server) |
1 |
1 |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
5 |
Network Printer |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
1 |
0 |
4 |
4 |
6 |
Scanner |
0 |
0 |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
7 |
Headphones |
21 |
21 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
21 |
21 |
8 |
Network Switch (Rack Mountable ) 24 or 48 ports |
1 |
1 |
2 |
2 |
0 |
0 |
0 |
0 |
0 |
3 |
3 |
9 |
Network cabling |
|
|
|
|
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
10 |
Power cabling |
|
|
|
|
0 |
0 |
0 |
0 |
0 |
2 |
2 |
11 |
Language Software with License |
|
|
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
12 |
Cassette player and Recorder |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
13 |
Wireless microphone |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
14 |
Surround Sound Lab Acoustic system |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
15 |
LED TV 40' (Wall Mounted ) |
0 |
0 |
0 |
0 |
1 |
1 |
0 |
0 |
0 |
1 |
1 |
16 |
Multimedia Projector |
0 |
0 |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
17 |
OHP |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
1 |
0 |
1 |
1 |
(TOP)
ගණිත උපකරණ
1 |
නොමොග්රෑමය. |
14 |
මධ්‍ය ලක්ෂ ප්‍රමේයය |
2 |
සංඛ්‍යා රේඛාව. |
15 |
අපෝහන පුවරුව |
3 |
විනිවිදක පුවරුව |
16 |
වෘත්ත ප්රෙම්යයන් |
4 |
සම්භාවිතාව |
17 |
නිඛිල සංඛ්‍යා එකතුකිරීම හා අඩු කිරීම |
5 |
වර්ගඑලය සෙවීම |
18 |
දාම් බෝඩ් |
6 |
සංඛ්‍යා පාද කට්ටලය |
19 |
ඩොම්නෝ සෙට් |
7 |
ගණිතකර්ම පටිය |
20 |
භාග පුවරුව |
8 |
( ඡ්යමිතික ක්‍රම )වර්ගඑලය සෙවීම |
21 |
සමචතුරශ්‍ර පිරමීඩයක ලම්භ උස |
9 |
ඝන දෙකක අන්තරය සෙවීම |
22 |
පිරමීඩය හා ඝනකය |
10 |
වීල් සෙට් |
23 |
ගෝලයක පරිමාව සෙවීම |
11 |
චාන්ස් කූට්ටම |
24 |
සංයුක්ත ඝන වස්තුවක පරිමාව සෙවීම |
12 |
ඕම්කාඩ් කූට්ටම |
25 |
ආනතිමානය හා කෝනමාපකය |
13 |
යුගල ගැලපීම |
26 |
කේතුවක ලම්භ උස සෙවීම. |
(TOP)
විද්‍යා උපකරණ
නාම පුවරු
- නාම පුවරුව - මෙය භාෂා තුනෙන්ම සමන්විය යුතු අතර ගොඩනැගිල්ලේ පිටත සවිකල යුතුය.
- මෙම අකුරු අගල් 7 හෝ 8 ප්‍රමානයෙන් Stainless Steel වියයුතුය.
විද්‍යාගාර නාම පුවරු

දිග –අඩි 3 සහ අගල් 6 , පලල – අඩි1 සහ අගල් 3
අකුරු අකාරය
සිංහල - Imami
දෙමළ - Bamini
ඉංග්‍රීසි - Arial
(TOP)
ඵලක සටහන
එක් භාෂාවකින් පමණක් ඵලක සටහන සවි කිරීමේදී එහි ප්‍රමාණය අඩි 3X2 ලෙස ගොඩනැඟිල්ලේ පියගැට පෙලට දකුණු පස ප්‍රධාන පිවිසුමට මුහුණලා පිහිටි බිත්තියේ සවිකිරීම සුදුසු වේ. භාෂා ත්‍රිත්වයෙන්ම ඵලකය සවිකරන අවස්ථාවකදී එහි ප්‍රමාණය හා සවිකරන ස්ථානය සුදුසු පරිදි ගොඩනැඟිල්ලේ පිහිටීම ද සලකා බලා තීරණය කල හැක.

(TOP)
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියිට පත්කිරීම සඳහා සුදානම් කිරීම, පවත්වාගන යාම සහ නඩත්තු කිරීම
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයේ ඉදිකිරීම් අවසන් වූ පසු අදාල කොන්ත්‍රාත්කරු විසින් ගොඩනැඟිල්ල විදුහල්පතිවරයාට විධිමත්ව බාරදෙනු ලැබේ.
- මෙම විද්‍යාගාරය සදහා 60 A තෙකලා විදුලි සැපයුමක් අවශ්‍ය වන අතර ප්‍රධාන විදුලි මීටරය විද්‍යගාරයේ පසුපස සවිකරන ලෙසට විදුලිබල මණ්ඩලය සහ විදුලි කාර්මිකයන් දැනුවත් කල යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිකරන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයෙහි නව විදුලි සම්බන්ධතාව සඳහා ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සපයන අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබාගත් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කල යුතු වේ. 60A තෙකලා විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමේ කාර්ය කඩිනමින් සිදු කිරීමට විදුහල්පතිවරයා විසින් අදාල කටයුතු සම්බන්ධීකරණය කිරීම අපේක්ෂා කෙරේ.
- ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අයත් සියලූම ද්විතීයික පාසල් සදහා පාසල් සමිබන්ධීකාරකවරුන් පත්කල යුතුය. හැකි සෑම විටම පාසල් සමිබන්ධීකාරක කොට්ඨාශ අධ්‍යක්ෂක වියයුතුය. එක් කොට්ඨාශයක් සදහා පාසල් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇතුලත් අවස්ථාවේදී කලාප අධ්‍යාපන කාර්යාලයේ වෙනත් සුදුසු නිලධාරියෙකු පාසල් සමිබන්ධීකාරක ලෙස එක් ද්විතීයික පාසලකට එක් නිලධාරියෙක් බැගින් පත්කලයුතු වේ.
- මාර්ගෝපදේශයේ සදහන් පරිදි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සදහා භාණ්ඩ හා උපකරණ සැපයුම් කරුවන් කිහිප දෙනෙක් විසින් සපයනු ලබන අතර එම සැපයුම්කරුවන් අදාල භාණ්ඩ හා උපකරණ පාසල වෙත ප්‍රවාහනය කරනු ලැබේ. එම සැපයුම් කරුවන්ගේ සම්බන්ධීකරන තොරතුරු කල් ඇතුව විදුහල්පති වෙත ලබාදෙනු ඇත.
- වගකීමේ කාලය ඇතුලත සැපයුම් කරුවන් ලබාදුන් උපකරණයක දෝෂයක් ඇතිවූ විට ඒ බව එම උපකරණයේ සැපයුම්කරුට වාර්තා කල යුතු අතර සිය වගකීම් කාලය ඇතුලත තමා විසින් සැපයූ භාණ්ඩ පිලිබඳ වගකීම දැරීමට එම සැපයුම් කරු බැදී ඇත.
- මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයේ භාරකාරත්වය සදහා සුදුසු ගුරුවරයකු විදුහල්පති විසින් පත්කරගත යුතුය. එමෙන්ම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ය ඇතුලත පිහිටි අනෙකුත් සියලුම ඒකක සදහා ද වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් ඒකක භාරකරුවන් ලෙස පත්කරගත යුතුය.
- මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර - මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව ලැබෙන සියලූම උපකරණ නිසි පරිදි ස්ථාන ගත කිරීම, නඩත්තු කිරීම හා සිසුනට උපරීම ඵලදායි ලෙස භාවිතය පිලිබඳව සැලසුම් සකස් කිරීම ඉහත සඳහන් කල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර භාරකරුගේ මූලිකත්වයෙන් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර භාරකරුගේ හා ඒකක භාරකරුවන්ගේ වගකීමකි.
- ඉහත සදහන් කල සියලූම කාර්යන්ගේ සුසාධ්යකරන හා අධීක්ෂණ කටයුතු අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරීන් වන පාසල් සමිබන්ධීකාරක, විෂය අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන්ගේ දායකත්වය මත සිදුකෙරෙතැයි අපේක්ෂිතය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ දුරකථන අංක
අංශය |
දුරකථන අංක/ FAX/ Email |
ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ අංශය |
011 2787075- දුරකථන / FAX
mahindodaya@moe.gov.lk |
විද්‍යා අංශය |
011-2786062 |
තොරතුරු තාක්ෂණ අංශය |
011- 2785821 |
ගණිත ශාඛාව |
011-2784851 |
නැණස |
011-2786254 |
ඉංග්‍රීසි හා විදේශ භාෂා ශාඛාව |
011-2784808 |
(TOP)
ඒකක ආශ්රිත තොරතුරු පිළිබද උපදෙස්.......
එම් පී විපුලසේන මහතා - අධ්‍යාපන අධ්යක්ෂ / විද්‍යා අංශය
ජී එම් නීල් ගුණදාස මහතා - අධ්‍යාපන අධ්යක්ෂ / තොරතුරු හා සන්නාවේදන තාක්ෂණ අංශය
බී ඩී චිත්තානන්ද බියන්වල මහතා - අධ්‍යාපන අධ්යක්ෂ /ගණිත ශාඛාව
බී එම් වීරසූරිය මහත්මිය -අධ්‍යාපන අධ්යක්ෂ /ඉංග්‍රීසි හා විදේශ භාෂා ශාඛාව
අයි එම් ප්‍රනාන්දු මහත්මිය - අධ්‍යක්ෂිකා/ පාසල් ගොඩනැගිලි අංශය
ලක්ෂ්මි මලලගම -නි. අධ්‍යාපන අධ්‍යක්ෂිකා/නැණස ව්‍යාපෘතිය
දෙමළ පරිවර්ථනය - එම් එස් එම් රාසික් මහතා - සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක /නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
උපදෙස් ලබාදීම
අනුර දිසානායක මහතා (අධ්‍යාපන ලේකම්)
එන් එච් එම් චිත්‍රානන්ද මහතා (අතිරේක ලේකම් / පාසල් ඉදිකිරීම්,සැපයීම් හා සේවා)
අධීක්ෂණය
එස් එල් එම් ඩී පියසේන මහතා - (අධ්‍යාපන අධ්‍යක්ෂක / ද්විතියීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ අංශය)
සම්බන්ධීකරණය, සංස්කරණය හා පිටකවර නිර්මාණය
ප්‍රභාත් අයි විතානගේ මහතා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක / ද්විතියීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ අංශය)
ද්විතියීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ අංශය
අධ්‍යාපන අමාත්‍යාංශය
(TOP)

|